පලෙයි, අයියකච්චිය ප්ර දේශයේදී පසුගිය 03 දා නිවසක් තුළ සිදුවූ පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ සැකකරු අනුරාධපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද (08දා) අලුයම මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මරණකරු අවුරුදු 44ක් වන පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනෙක් ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත අනුව ත්රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.