පලාලි ගුවන්තොට හා KKS වරාය සංවර්ධනය ඉන්දියාවෙන්
පලාලි ගුවන්තොටුපොළ හා කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව සහාය දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඊට අමතරව උතුරේ ව්‍යාපාර සංවර්ධනය කිරීමටද ඉන්දීය සහාය ලැබෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
උතුරු පළාත තුළ සුවසැරිය ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සැටලැයිට් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාව අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ අසල්වැසියෙක් පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාකාරී සහකරුවෙක් බවයි.
සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දීය ප්‍රධානයක් ලෙස ක්‍රියාත්මක වෙයි.
ප්‍රදීප් පතිරණ







popular news
-
රජින්ද Sunday, 22 July 2018 05:34 PM
මේවා දකිනකොට ඇතිවන හැගීම වචන වලට පෙරලිය නොහැකිය. එදා මෙදාතුර ඉතිහාසයේ මෙතරම් අනගි රටක් ඉන්දියාවට සහ චීනයට ඉතාමත්ම පහසුවෙන් පවරා දීමට පසුගිය නායකයා සහ මේ පින්තුරවල සිටිනා අය විසින් ඔවුන්ගේ බල තන්හාව නිසා තීරණය කර තිබේ. කෝටි දෙකකටත් වඩා වැඩි ජනතාවකගේ ඉරණම මෙලෙස පාවා දීම මා දකිනුයේ එකල සෝවියට් සමුහාණ්ඩුව ඇමෙරිකාවේ උවමනාවට කඩා වෙන්කළ මිකායෙල් ගොර්බජෝබ් වැනි රට ගැන හැගීමක් නැති එහෙත් බොරුවට ඒ බව පෙන්වන නායකයින් ලෙසය. මේ සියල්ලටම වඩා මා පුදුමයට පත්වන්නේ මේතරම් බුද්ධිමතුන්, ස්වාමීන්වහන්සේලා සහ දේශහිතයිෂි පිරිසක් සිටියත් ඔවුන් කිසිවෙකුත් මේ රටේ වන විනාශය, මුල්‍ය වංචා සහ අන් රටවලට මෙරට පාවාදීම යන අතීශය සංවේදී කරුණු වලදීත් දක්වන ඇල්මැරුණු ස්වභාවය නිසාවෙනි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

