පැලවත්ත හා සෙවණගල යළිත් පෞද්ගලික අංශයට
පැලවත්ත හා සෙවණගල සීනි කම්හල් දෙක නැවත වරක් පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව 20 වැනිදා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සඳහන් කරයි.
ලාභ ලබමින් තිබූ සීනි කර්මාන්ත ශාලා දෙක 2002 වසරේදී දයා ගමගේ මහතාට පැවරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
2011 වසරේදී නැවත සීනි කම්හල් දෙක රජයට පවරා ගන්නා විට බොහෝ දේ විනාශ වී ගොස් තිබූ බවත්, එහෙත් මේ වනවිට එම කම්හල් දෙක මගින් මහා භාණ්ඩාගාරයට වාර්ෂිකව රුපියල් මිලියන 700ක් ලබාදෙමින් තිබෙන බවත් අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

popular news
-
randimal karunasinha Wednesday, 19 June 2019 04:54 AM
දියුණු රටවල් කියන්නේ රජයේ සේවකයින් පොත අත්සන් කරලා ගෙදරට ඇවිත් තමුන් ගේ වැඩ කරන එක නොවෙයි.පුද්ගලික අංශය ශක්තිමත් කර ලාබයෙන් රටවැසියාට අවශ්‍ය පහසුකම් උපරිමයෙන් ලබා දෙන රටවල් වලටයිතමුසෙගෙ ඔය හැමදාම කියවන බයිලා නවත්වනවා.
Reply : 1 1
Champa Wednesday, 19 June 2019 09:30 AM
ශ්‍රී ලංකා එකයි යූඑන්පී එකයි අවුරුදු 72ක් තිස්සේ කලේ මේක. යූඑන්පී එක බලයට ආවහම ලාබ ලබන ආයතන පෞද්ගලිකරණය කරනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා එක බලයට ආවහම අර ටික ජනසතු කරනවා. ඊට පස්සේ ආයේ යූඑන්පී එක ආවහම නැවත කලින් ඒව පෞද්ගලිකරණය කරනවා. ඊට පස්සේ ආයේ ශ්‍රී ලංකා එක ආවහම කෝටි ගණන් ගෙවල අර ටික ආපහු රජයට ගන්නව. මේ රට මේ තරම් විශාල ණය කන්දක හිරවුණේ මේ පක්ෂ දෙකේ තිබ්බ ගොබ්බ ප්‍රතිපත්ති නිසා. අවුරුදු 72ක් මාරුවෙන් මාරුවට රට පාලනය කරලත් මේ පක්ෂ දෙකට බැරි වුනා ජාතික ප්‍රතිපත්තියක් හදන්න. රටේ වැදගත් ජාතික ආයතන කිසි දවසක පෞද්ගලිකරණය කරන්න බැරි වෙන්න නීති සම්මත කර ගන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන දේශීය කර්මාන්ත කිසි දවසක විදේශිකයන්ට අයිති කරගන්න බැරි වෙන්න නීති සම්මත වෙන්න ඕනේ. එහෙම කරන්න නම් ජාතික ප්‍රතිපත්තියක් රටකට තියෙන්න ඕනේ. අවුරුදු 72ක් රට පාලනය කරලත් ඒක කරගන්න බැරි වුනා.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

