පිලිපීන සංචාරය නිමකළ ජනපති සිංගප්පූරු සංචාරය අරඹයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස් දින නිල සංචාරයක් සඳහා අද (23දා) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ජනපතිවරයා සමග එම සංචාරයට තවත් 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටිතිත. ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා පැසිෆික්සි කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිතය.
ඔවුහු දහවල් 11.00 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය සිල්ක් එයාර් ගුවන් සේවයේ එම්.අයි.- 427 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. ම පිරිස මෙම සංචාරය නිමවා යළිත් 1/27 දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 15 දා සිට 19 දා දක්වා පිලිපීනයේ පස්දින නිල සංචාරයකට එක්ව සිටියේය.
ටී.කේ.ජි. කපිල

popular news
-
Champa Wednesday, 23 January 2019 12:41 PM
ලෝක වාර්තාවක් තියන්න යන්නේ.
Reply : 0 0
Champa Wednesday, 23 January 2019 12:43 PM
ආපහු දවස් 5ක්. ඉතා කෙටි කාලයක් ඇතුලේ විදේශ සංචාර වලට මේ තරම් මහජන ධනය නාස්ති කරපු ජනාධිපති කෙනෙක් තවත් නැහැ. රනිල්ගේ අයවැය පියවන්න පිටරටින් සල්ලි හිඟා කන්න යන්න ඇති.
Reply : 0 0
Champa Wednesday, 23 January 2019 12:58 PM
FCID ලොක්කත් FCID එකේ රහස් ලියකිලිවිලි ගොඩක් photostat කරන් සිංගප්පූරු ගියාලු. ගෙදර ඇවිල්ල ජනාධිපති කියයිද දන්නේ නැහැ තවත් හෙළිදරව්වක් කියලා.
Reply : 0 1
DAYAN Wednesday, 23 January 2019 02:20 PM
තව ටික කලයි තියෙන්නේ. මහජනයාගේ වියදමින් හැම තැනම යන්න ඉක්මන් වෙන්න.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

