දින ගණනාවක් පොල්ගහවෙල නවතා තිබූ දුම්රියක් අද (04දා) උදෑසන කොළඹ කොටුව බලා ධාවනය කරවීය.
විශ්රාම ලත් දුම්රිය රියැදුරෙකු පැමිණ මෙම දුම්රිය ධාවනය කරන ලදී. පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.20ට පමණ මෙම දුම්රිය ධාවනය කරවීය.
දුම්රිය නියාමකවරයෙකු වෙනුවට දිස්ත්රික් පරීක්ෂක ( D T I) වරයෙකු ද එම දුම්රිය ධාවනයට එක්වීය.
ඩිමේෂ් අධිකාරී -පොල්ගහවෙල
