මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කළ බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පොල්ගොල්ල වේල්ල වාන් දොරටු පහක් මීටර 1.5 බැගින් (1.5) ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළ වික්ටෝරියා ජලාශය වෙත තත්පරයට ඝණ මීටර් 540ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව ද පැවසීය.
මේ හේතුවෙන් වික්ටෝරියා දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්