පරිසරයට සිදුවන හානි වළක්වාගැනීමට පරිසර පොලිස් ඒකක දායක කරගැනිමට පියවර
පරිසරයට සිදුවන හානි කඩිනමින් වළක්වාගැනීම සඳහා පරිසර පොලිස් ඒකක ඝෘජුව දායක කර ගැනිම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව පරිසර ඇමති මහින්ද අමරවීර අද 22 පරිසර අමාත්‍යාශයේ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා පැවසුවේ,නගර ආශ්‍රිතව කසළ බැහැර කිරිම්,වන සංහාරයක් වේ නම් ඒවා වැළැක්වීම සහා ඝෘජුව ඔවුන් දායක කර ගැනීමටත්,බලාපොරොත්තු වන බවයි.ඒ සඳහා සෑම පොලිස් ස්ථානයක ම පරිසර පොලිස් ඒකකයට 05 දෙනෙක් පුහුණු කර ඇති බව ද ඇමතිවරයා කිය.ඊට අමතරව පරිසර පොලිසියේ සහයෝගයෙන්,නීතිවිරෝධි ලෙස සිදු වන වැලි කැපීම්,පස් කැපිම්,වැලි ගොඩ දැමීම්,ආදිය සඳහා කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර සි්ටියේය.
මෙම ක්‍රියාවන් සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස කිරීමටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා පරිසර කමිටු දිරිමත් කිරීමට ද තමා බලාපොරොත්තු වන බවද සඳහන් කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

