පාර්ලිමේන්තුව ගැන කතා කරන්නත් ලැජ්ජයි
වත්මන් පාර්ලිමේන්තුව ඇතුළේ විනයක්, සදාචාරයක් නොමැති බවත්, පාර්ලිමේන්තුව ඇතුළේ තත්ත්වය පිළිබඳව කතා කිරීමටද ලැජ්ජා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එසේම තමා නිතරම හිතන්නේ මෙරට පාර්ලිමේන්තුවට කුමක්ද සිදුවූයේ යන්න පිළිබඳව බවත් ඔහු පැවසීය
ඒ මහතා මේ බව පැවසූයේ කරන්දෙනිය මධ්‍ය විද්‍යාලයට වසර හැත්තෑපහක් සපිරීම නිමිත්තෙන් අද (09දා) පැවැති ‘කරන්දෙණි අභිමාන’ උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මමත් පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් නිසා පාර්ලිමේන්තුවේ තත්ත්වය ගැන ඇත්තට මට ලැජ්ජයි. පසුගිය දවස්වල පාර්ලිමේන්තුව ඇතුළෙ හරියට බිග් මැච් එකක් ඉවරවෙලා පාසල් දෙකක පිරිමි ළමුන් හැසිරුණා ආකාරයටයි හැසිරුනේ.
අපි මේවා වහන්න හොඳ නැහැ. අපි රටට ආදර්ශයක් දෙන්න ඕන. අපි කොහොමද ඉදිරියට යන්නේ. ඒ වැරැද්ද අපි පිළිඅරගෙන නැහැ. මම කියන්නේ අපි කොච්චර ලැජ්ජ වුණත් මේ ගැන ක්‍රියා කරන්න ඕන.
මොකක්ද සිදුවූයේ කියලා ඔක්කොම දැනගන්න ඕන. ඒ කාලේ සමාජ වෙබ්අඩවි ශිෂ්‍යයන් තරුණ තරුණියන් දාලා තිබුණු ඒවා දැක්කා. ඒකම ඇති ලැජ්ජ වෙන්න. මේවා හදන්න ඕන. අපි මහජන නියෝජිතයන්. අපේ වැරදි තියෙනවානම් ඒවා ගැන කතා කරන්න ඕනෙ. නැත්නම් මේ ප්රජාතන්ත්රවාදී දේශපාලනය නැතිවෙලා යනවා.”
කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත/ඡායරූප ප්‍රදීප් පතිරණ








popular news
-
rocky Wednesday, 09 January 2019 06:24 PM
අපටත් ලැජ්ජයි, ඔහෙල මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු රාජද්‍රෝහී ජනාධිපති යටතේ ආණ්ඩුව පවත්වා ගෙන යාම ගැන. මහත්තයෝ, සර්පයාව අඳුන ගත්තම ඔක්කොටොම ඉස්සෙල්ල ඌට කෙලින්න ඕන චොප්ප වෙන්නම . දැන් ආයේ ඩීල් ගහල රටටම කෙලවන්නයි ඔය ගොල්ලොත් හදන්නේ! අපිට දැන් ඔය කවුරුත් එක වගෙයි පෙන්නේ. ඔක්කොම හොරු!
Reply : 0 0
Lal Wednesday, 09 January 2019 07:52 PM
හිරිකිතයක් නැතුව ජනතාවගේ මුදල් තිබූ,මහා බැංකුව ප්‍රසිද්ධියේ මංකොල්ලකනකොට ලැජ්ජාව කොහොද තිබුනේ?.. අනේ මෙහෙමත් මිනිස්සු...
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

