පාර්ලිමේන්තුව කුණු ගද ගහන මළ කුනක් - හදුන්නෙත්ති
පාර්ලිමේන්තුව කුණු ගද ගහන මළ කුනක් බවට පත්ව ඇති බව මාතර දිස්ති්රක් පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.
ඊයේ (24) මාතරදි පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
"පාර්ලිමේන්තු මන්ති්රවරුන් කොකෙන් ගහනවලූ ,පාර්ලිමේන්තුවේ මේ ගැන කතා වෙනවා මහා විලිලැජ්ජාවක් කියලා, මේක විලිලැජ්ජාවක් වෙන්නෙ කොහොමද? වෙන්න තියෙන ඔක්කොම වුණාට පස්සේ කොකෙන් ගහන එක විලිලැජ්ජාවක් වෙන්න පුළුවන්ද?
පාර්ලිමේන්තු මන්ති්රවරුන් හොරකම් කරනවනම්, නාස්ති කරනවනම්, කොමිස් ගහනවනම්, ටෙන්ඩර් මගඩි ගහනවනම්, පාර්ලිමේන්තු මන්ති්රවරුන් කොකෙන් ගැහුවම මොකද වෙන්නේ. රටේ ජනතාව ප්රවෘත්ති වලින් බලන් ඉන්නවා මාර වැඩක් මන්ති්රවරු කුඩු ගහනවා කියලා, එතකොට ඒ අය කරන අනිත් දේවල් හොඳයිද? කොකේන් ගහන එක විතරද වැරදි. නෑ අනිත් ඔක්කොමත් වැරදියි . වෙනස හැමදාම කරන වැඩක් එළියට ඇවිත් එච්චරයි’’ යැයි පැවසිය.
මාතර- මහේෂ් මලවර ආරච්චි

popular news
-
rocky Monday, 25 February 2019 08:07 PM
විමලේ, වාසු, ගොම්මන්පිල කියන තුන් දෙනා පාර්ලිමේන්තුවේ නැති දවස් වලදීත් ඔය ගඳ දැනෙනවද? පොඩ්ඩක් ඉව අල්ලලා බලන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

