පරමාණුක බලශක්ති භාවිතය වෙනුවෙන් පුටින්ගේ සහාය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කර ගැනීම සඳහා රුසියානු රජයේ සහාය ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර සාමකාමී කටයුතු සඳහා පරමාණු බල ශක්තිය උපයෝගී කර ගැනීම සඳහා වන සහයෝගිතා ගිවිසුමකට ඉදිරියේදී එළඹීමට නියමිත බව ජාතික ප්‍රතිපතති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
දෙරටේ නියෝජිතවරුන් මේ සඳහා වන මුලික එකඟතා වලට එළඹි ඇති බවත් පරමාණු බලශක්ති සඳහා වන වැඩසටහන් වලට රුසියානු රජයේ සහය ලබා දීමටත් ඔවුන් ඒකඟ වී තිබේ.
ඒසේම, තීරණ ගැනීමේදී අවශ්‍ය තාක්ෂණික සහාය සහ යටිතල පහසුකම් සැපයීම සඳහාත් පරමාණු බලශක්තිය භාවිතයෙන් විදුලිය නිපද වීම සඳහා වන මුලික පහසසුකම් සැපයීමේදී සාමුහිකව වැඩකිරිමත්, සාමකාමී කටයුතු සඳහා පරමාණු බලශක්තිය භාවිත කිරීම සඳහා දෙරට අතර මෙසේ ගිවිසුම් ගතවීමට නියමිතය.

popular news
-
ase Monday, 08 October 2018 11:24 AM
එපා ඔය පරමාණු මාරයා අපේ කුඩා රටට එපා, රුසියාවේ චෙනොබිල් මතකද ?? ඔය විනාසය පසුපස වෙනත් අරමුණුද ?? ජනතාව ඔබගේ දරු පරපුර බේරා ගැනීමට මෙයට විරුදව පෙළ ගැසෙන්න !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

