අධිරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, සමාජවාදය උදෙසා, විප්ලවීය වැඩපිළිවෙලක් - සටන්කාමී නායකත්වයක් ” තේමාව කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 03 වන ජාතික මහා සමුළුව ඔක්තෝබර් 13 වන දින පෙරවරු 10.00 සිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වසර හතරකට වරක් සම්මේලනයක් පවත්වා පක්ෂයේ නායකත්ව මණ්ඩල තෝරා පත්කර ගැනෙන අතර මෙවර සමුළුවේදී සාමාජික ඡන්දයෙන් මධ්‍යම කාරක සභාව, ලේකම් මණ්ඩලය ඇතුළු මධ්‍ය මණ්ඩල තෝරා පත්කර ගැනීමට නියමිතය.
ඊට අමතරව මෙවර සම්මේලනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පක්ෂ වැඩපිළිවෙල කෘතියක් ලෙස මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීමටද නියමිතය.
මෙම සමුළුව සඳහා සහෝදරාත්මක සුභ පැතුම් රැගෙන ලංකාවේ වාමාංශික පක්ෂ ගණනාවක් සහ විදේශීය වාමාංශික පක්ෂ නියෝජිතයින් පිරිසක් සහභාගී වන බව දැනුම් දී තිබේ.
මීට අමතරව සම්මේලනය අතරතුර පක්ෂයේ කලා සංගමයේ මෙහෙයවීමෙන් සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වෙනු ඇත.
