පියවර තුනක් සම්පූර්ණ වූ වහාම ගව ඝාතනය තහනම් කරයි
යෝජනා තුනක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි ගව ඝාතනය ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
01 ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින 1958 අංක 29 දරණ සත්ත්ව පනත, 1893 අංක 09 දරණ ගෝ ඝාතන ආඥා පනත හා අදාළ ආනුශාංගික වෙනත් නීති හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීති රීතින් සංශෝධනය කිරීම සඳහා නොපමාව අවශ්‍ය පියවර ගැනීම.
02 ගව මාංශ පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනය කිරීම හා සහන මිලකට ලබාදීම සඳහා නොපමාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
03 කෘෂි කාර්මික කටයුතු සඳහා ඵලදායි අන්දමින් යොදාගත නොහැකි වයස්ගත තත්ත්වයට පත් වන ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
එම පියවරන් වෙයි. එම පියවරන් සම්පූර්ණ වූූ වහාම මෙසේ ගව ඝාතනය තහනම් කිරීමට නියමිතය.
ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සිදු කිරිමේ අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බවත්, ආනයනික කිරිපිටි සඳහා විදේශයන්්ට ඇඳි යන අති විශාල විදේශ ප්‍රමාණය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට හැකි වන පරිද දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් ගව සම්පතක් නොමැති වීම එම කර්මාන්තයේ දියුණවට බාධාවක් වි ඇති බවත් විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දී ඇතැයි රජය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

