පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
කුච්චවේලි ජයානගර් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ජෙලට් නයිට් කූරු ,ඩෙටනේටර් කොඩ්, හා තියුණු ආයුධයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට (10) ගත් බව කුච්චවේලි පොලීසිය කියයි.
එම සැකකරුවන් සමඟ ජෙලට්නයිට් කූරු 50ක් ඩෙටනේටර් පහක් , හා කඩුවක් පොලිසිය භාරයට ගෙන ඇත .
මුහුදු ගොස් නීතිවිරෝධී අයුරින් මසුන් මැරීම සඳහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය නිවස තුළ සඟවා ඇති බවට කුච් චවේලි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාට ලද තොරතුරකට අනුව මෙම මෙම පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර මෙම මෙම පුපුරන ද්‍රව්‍ය සැකකරුට අලෙවි කළ පුද්ගලයා ද සිටින බව පොලීසිය කියයි
සැකකරුවන් දෙදෙනා කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමි
කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි
බිමල් ශ්‍යාමන් ජයසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

