පන්සල් 50කට මරාගෙන මැරෙන ප්‍රහාර - තොරතුරු ඔිනි නම් එන්න මා ළඟට
මොකුත් කියන්න ඕනේ නැහැ. වෙසක්, පොසොන්. මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්. කිසිම පින්කමක්. කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.
අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් ලෙස මෙය සඳහන් කරන ලදි.
අතුරුදහන් වී සිටිනවා යැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අද (29) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව තිබූ නඩුව කැඳවනු ලැබු අතර මීට ඉහතදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥාණසාර හිමි වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයේදී ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් මාස හයක සිර දඬුවම එහිදී අත්හිටුවනු ලැබීය.
කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50,000 ක වන්දි මුදලක් සහ ඥානසාර හිමිට එරෙහිව තිබුණු චෝදනා දෙකට රුපියල් එක්දහස් පන්සියය බැගින් වූ දඩ මුදල් දෙකක් එනම් රුපියල් 3,000 දඩ මුදල ගෙවීමට නියෝග කර තිබුණු අතර අද (29) දින එම මුදල් ගෙවනු ලැබිණි.
ඒ අනුව මෙම නඩුව අද දින අවසන් විය.

popular news
-
Don Monday, 29 April 2019 07:41 PM
මෙයා CID එකේ වැඩකරනවා කියල හිතන් ඉන්නේ. ගෝටලොක්කනම් මෙයාගේ අල්ලේ නටවපු බලේ තමයි අදත් පෙන්නන්නේ. Thajudeen , Wickematunga මරවපු මිනීමරුවෝ චන්දෙ ඉල්ලන්න එනකන් අපි ඉන්නේ,
Reply : 62 72
Kumar Tuesday, 30 April 2019 07:40 AM
ලංකාවේ පොලිසියට සහ හමුදාවට රටේ පන්සල් විහාර අරක්ෂකරන්න ඉඩ දීල ලැබුන දඩුවම වින්දොත් රටට යහපතක් සිදුවෙයි. පසුගිය කලේ සිදුකල ක්‍රියා වලින් දැනට පවතින තත්වය මුලපිරු ඔබලවගේ අයට ඉක්මනින් අමතක වෙනවා.
Reply : 4 31
Duminda Tuesday, 30 April 2019 11:30 AM
තව්හීද් ජමාත් ප්‍රධාන කාර්යාල ඉදිකිරීම සඳහා 241/ඒ ශ්‍රී සද්ධර්ම මාවත, කොලඹ යන ලිපිනයේ ඉඩම ලබා දුන්නේ ද අද වීරයා වෙන්නට තටමන නන්දසේන ගෝටාබය රාජපක්ෂ විසිනි. මොහොමඩ් සහ්රාන් නම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී සංවිධානයේ නායකයාගේ මහ ගෙදර වූයේ මේ ස්ථානයයි. හමුදා බුද්ධි අංශ ගිණුම් යටතේ තව්හීද් ජමාත් සාමාජිකයන්ට මුදල් ගෙවා ඇති බවද දැන් හෙළි වී තිබේ. එවැනි 26 කගේ නම් ලැයිස්තුවක් ද තිබේ. මේ තව්හිද් ජමාත් කාඩරයන් බොදු බල සේනා සංවිධානයට එරෙහිව යොදවා ඇත. තව්හීද් ජමාත් සංවිධානය 2014 අගෝ 13 දින ඊශ්රායෙලයට එරෙහිව කොළඹදි උද්ඝෝෂණයක් කෙළේය . එහිදී ඊශ්‍රායෙලය වෙනුවෙන් පෙරට ආවේ ඥානසාර භික්ෂුව ය. එදින කිසිදු පෙළපාලියක් නොපැවැත්වීමට උසාවි නියෝගයක් පවා තිබුණි. උසාවි නියෝගයක් තිබුනද තව්හීද් ජමාත් පෙළපාලිය පැවැත්වුණි. තව්හීද් ජමාත් පෙළපාලියට අනුග්‍රහය දැක්වූයේ අන්කිසිවෙක් නොව ගෝටාබය රාජපක්ෂයි. බෞද්ධයන් සහ මුස්ලිමුන් කෙටවූයේ ගෝටාබය බව වටහා ගැනීමට තවත් උදාහරණ අවශ්‍ය නැත. (ඊට සාක්කි සපයන හිරු නිව්ස් හි 2014 අගෝස්තු 13 විකාශය කර ඇති 'Thavhid Jamad Protest - Bodubala sena' නම් යූ ටියුබ් වීඩියෝව බලන
Reply : 6 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

