පැන්ගොලින් කොරෝනා අතරමැදි ධාරකයක් විය හැකි බවට සැකයක්
දකුණු චීන කෘෂිකාර්මික විශ්ව විද්‍යාලයේ සහ නූතන කෘෂිකර්මයේ ලින්ග්නාන් ගුවැන්ඩොං රසායනාගාරයේ පර්යේෂකයන් කණ්ඩායමක් සිකුරාදා නිවේදනය කළේ
කොරෝන වෛරසය පැතිරයාම ආරම්භ වීමේ අතරමැදි ධාරකයක් ලෙස පැන්ගොලින් සත්ත්වයා සැලකිය හැකි බව දකුණු චීන කෘෂිකාර්මික විශ්ව විද්‍යාලයේ සහ නූතන කෘෂිකර්මයේ ලින්ග්නාන් ගුවැන්ඩොං රසායනාගාරයේ පර්යේෂකයන් කණ්ඩායමක් නිවේදනය කරයි.
මෙටජෙනෝම් සාම්පල 1,000කට වඩා විශ්ලේෂණය කිරීමෙන් පසුව, පැන්ගෝලින් සත්ත්වයා වෛරසයේ විභව අතරමැදි ධාරකයෙකු ලෙස හඳුනාගත් බව පර්යේෂකකයන් පවසයි.
මේ අතර, අණුක ජීව විද්‍යාත්මක අනාවරනය තුළින් පර්යේෂකයන් සොයාගෙන තිබුණේ පැන්ගෝලින් සතුන්ගේ β කොරෝනා වෛරසයේ ධනාත්මක අනුපාතය 70%ක් බවයි.
පසුව පර්යේෂකයන් විසින් මෙම වෛරස් හුදකලා කිරීම සහ හඳුනා ගැනීම සිදුකර ඇති අතර, වෛරසයේ ජානමය විශ්ලේෂණයේ ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ, හුදකලා වූ වෛරස් මාදිලි අනුපිළිවෙල දැනට මිනිසුන්ට ආසාදනය වන වෛරසයට 99%ක් සමාන බවයි.

popular news
-
Buddhika De Silva Tuesday, 11 February 2020 05:54 PM
පැන්ගොලින් යනු කැබැල්ලෑවා හෙවත් ඈයා යි. සිංහල පාඨකයන් වෙනුවෙන්, සිංහල නම වරහන් තුල හෝ දැමීම කල යුතුව තිබුණි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

