පොදුජන පෙරමුණේ මැයි රැළිය කැම්බල් පිටියේදී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ ඒකාබද්ධ මැයිදින රැළිය මෙවර බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්විමට තීරණය කර ඇත.
මේ සදහා ශ්‍රී ලංකා පොලීසියේ එකගතාවය මත කොළඹ නගර සභාවට මුදල් ගෙවා පිටිය වෙන්කර ගැනීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබේ.
මැයි දින පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්රධානත්නවයෙන් අද (08od) කොළඹදී රැස්වීමක් පවත්වා තිබේ.
එක්සත් ජාතික පක්ෂය වෙනත් වර්ෂවල කැම්බල් පිටියේ මැයි දින රැළිය පවත්වන නමුත් මෙවර මැයි දිනය සම්බන්ධව අවසන් එකගතාවලට පැමිණ නැති බැවින් පක්ෂය සමග සාකච්ඡා නොකර මැයි දිනය පැවැත්වෙන ස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බවඑක්සත් ජාතිකපක්ෂයේ නියෝජිතයා මෙහිදී සඳහන් කර තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සිය පක්ෂවල මැයි දින රැළිය පැවැත්වීම සදහා කැම්බල් පිටිය ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාපොදුජන පෙරමුණ මේවනවිටත් කැම්බල් පිටියේ මැයි දින රැළිය පැවැත්වීමට අවසර දෙන ලෙස කොළඹ නගර සභාවෙන් ලිඛීතව ඉල්ලීමක් පවා කර ඇති බව එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නයෝජනය කරමින් සහභාගි වූ කාංචන ජයරත්න මහතා පෙන්වා දුන්නේය.
අවසනායේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ වන විටත් මැයි දිනය පැවැත්වීමට කැම්බල් පිටිය වෙන් කරවා ගැනිම සදහා ඉල්ලීම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කැම්බල් පිටිය වෙන් කර ගැනීමේ බාධාවක් නැති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කර ඇත.

popular news
-
samanlal Saturday, 09 March 2019 07:44 AM
අද කරුණාකරලා පොහොට්ටුවට කඩේ යන්නේ නැතුව ඉන්න. ස්වාදීනව ප්‍රවුර්ති වාර්තා කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
