පුද්ගලික ආරක්ෂක සේවා ආයතන නියාමන කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ආරක්ෂක භටයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දීම, නව ආරක්ෂක සමාගම් ලියාපදිංචි කිරීම සහ බලපත්ර අළුත් කිරීම ආදි කරුණු යටතේ එම ආයතන විධිමත් කිරීමට නියමිතය.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ ගුණාත්මක ආරක්ෂක සේවාවක් සැපයීම සඳහා දිවයින පුරා ක්රියාත්මක වන පුද්ගලික ආරක්ෂක සේවා විධිමත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
කඩිනම් ක්රියා පටිපාටියක් සකස් කරමින් ආරක්ෂක සේවා සපයන්නන්ගේ ලියාපදිංචිය සහ බලපත්ර අලුත් කිරීමේ ක්රියාවලිය විධිමත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.