පිටිපන අවිගබඩාවට ගිනිඅවි ප්‍රවාහනය කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට
හෝමාගම පිටිපන ප්‍රදේශයට වෑන් රථයකින් ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පුවත්පත් මාධ්‍යවේදියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
covid වසංගත තත්ත්වය පැවති සමයේ ආරක්ෂක අංශ නොමඟ යවමින් වෑන් රථයක ඉදිරිපස මාධ්‍යවේදී පුවරුවක් ප්‍රදර්ශනය කර මාධ්‍යවේදී හැඳුනුම්පත භාවිතා කරමින් වෑන් රථයේ ඉදිරිපස ගමන් කර හෝමාගම පිටිපන ගිනිඅවි ගබඩාව ගිනිඅවි රැගෙන ඒම සඳහා සහාය වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සැකකරු ඊට අමතරව සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වෙත හා විවිධ පුද්ගලයන් හට ගිනිඅවි ලබා දීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Don Thursday, 20 August 2020 09:13 AM
When Media talks or write, they show the General Public as Saints !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

