නෝවුඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100කින් 9ක් ආසාදිතයි
නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් අද (09දා) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි 09 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව මස්කෙලිය සෞඛය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් පස් දෙනෙකු හදිසියේ රෝගාතුර විම නිසා එම රෝගින් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනිමට ගිය අවස්තාවේ රෝහලේදි සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව ඉන් පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විය.
ඉන් අනතුරුව එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 25 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තවත් අසාදිතයන් 06 දෙනෙකු හදුනාගෙන එම අසාදිතයන් 06 දෙනාගේ ආශ්‍රිතයන් 100 දෙනෙකු ඇන්ටිජන් පරික්ෂාවට ලක් කල බවත්,එහි දි නව අසාදිතයන් 09 දෙනා හදුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 288 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවද සෞඛය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                