නොර්වුඩ් දමිළ මහ විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් PCR පරික්ෂණයට
තාවකාලිකව වසා දමා ඇති හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහ විද්‍යාලයේ සිසු සිසුවියන් කිහිප දෙනෙකු සහ අචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ පි.සි.ආර් වාර්තා ලබා ගැනිම මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද දින එම විදුහලේදි සිදු කෙරිණ.
එම විදුහලේ ගුරුවරියකට සහ ඇයගේ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග (07) දින සිට නොර්වුඩ් දමිල මහා විද්‍යාලය තාවකලිකව වසා දැමිමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර තිබුණි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය , ඇයගේ සිව් මස් හැවිරිදි බිලින්දිය සහ පස් හැවිරිදි දියණිය පේරාදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ආසාදිතයාගේ සැමියා සහ පවුලේ සමාජිකයන් තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය ඉකුත් මස 28 සහ 30 දින පාසලට පැමිණ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති අතර , එදින එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 1500කගෙන් 800 දෙනෙකු පමණ සහ ආචාර්යය මණ්ඩලයේ 70 දෙනෙකුගෙන් 58 දෙනෙකු පාසලට පැමිණ සිටි බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන ඇත.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරියගේ ළගම ආශ්රිත ගුරුවරුන් සහ සිසු සිසුවියනුයි මෙසේ පි.සි.ආර් පරික්ෂ්යකට භාජනය කරනු ලැබුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

