කටුනායක ටී.කේ.ජී.කපිල
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ තවදුරටත් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු , කත්මණ්ඩු නුවර සිට පැමිණි හිමාලයා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/16 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස අතර වැඩි පිරිසක් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට එරටට ගොස් සිටි සිසුන් වීම විශේෂත්වයකි .
මෙම ගුවන් මගීන් පිරිස නේපාලයේ , කත්මණ්ඩු නුවර සිට හිමාලයා ගුවන් සේවයේ එච්.- 96731 දරන විශේෂ ගුවන් යානයෙන් 6/16 දින උදෑසන 11.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැපැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි
