නෙලුම් මලේ හැඩය වෙනස් කරන්න යහපාලනයේ වියදම මිලියන 661යි
සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ ලබන්නේ රටේ අනාගත පරපුර යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ අද (25) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන අතර ව්‍යාපෘතිය අදියර දෙකකින් යුක්තය. ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු මේ වන විට කඩිනම් කර ඇත.
විවෘත කෙරුණු ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් බිලියන 6.1ක මුදලක් වැය කර ඇති අතර ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා ණය ප්‍රධානය කර ඇත. මෙතෙක් ගුවන් යානා 25ක් නවතා තැබීම සඳහා වූ පර්යන්තයේ අද සිට ගුවන් යානා 48ක් නවතා තැබිම සඳහා පහසුකම් සැළසේ.
“ජපානයේ හිටපු අගමැති ෂේන්සෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කළේ 2014 වර්ෂයේදියි. සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ආයෝජකයෝ එක්ක ගිවිසුම් පවා අත්සන් කරලා තිබුණ වෙලාවකයි 2015 දි අපේ රජය පෙරලුණේ.
ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර දෙකකින් අවසන් කරන්න ඒ වන විටත් සැළසුම් සකස් කරල තිබ්බේ. 2015 දී බලයට පත් වුන යහපාලන රජය මේ ව්‍යාපෘති නියමිත පරිදි කරගෙන ගියේ නැහැ. අපේ රජය බලයට ඇවිත් 2020 මාර්තු මාසෙදී තමයි පළමු අදියරේ වැඩ ආරම්භ කළේ.
අද අපි මහජනතාවට විවෘත කරන මේ අදියරේ වැඩ ආරම්භ කිරීමත් යහපාලන ආණ්ඩුව ප්‍රමාද කළා. මේ ගොඩනැගිල්ලේ වහලයේ සැළසුම වෙනස් කරන්න ඒ අයට අවශ්‍ය වුනා. මුල් සැළසුමේ නෙලුම් මලක හැඩයට වහලය ඉදිකරන්න නියමිතව තිබුණා. ඒ වෙනුවට ශාක පත්‍රයක හැඩයට වහලයේ සැළසුම වෙනස් කරන්න විතරක් යහපාලන ආණ්ඩුව රුපියල් මිලියන 661ක් වියදම් කළා. ඒ විදියට සැළසුම වෙනස් කරන්න ගිය නිසා තමයි දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරන්න ප්‍රමාද වුනේ.
අද ඉදන් ගුවන්තොටුපොළේ ගුවන්යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 48ක් බවට පත්වෙනවා. මේ වෙනකල් තිබුණේ අංගන 25යි. මේ දක්වා එක අවුරුද්දකට මගීන් මිලියන 6ක් හැසිරවීමේ ධාරිතාව 2023 ඉදන් වර්ෂයකට මිලියන 15ක් දක්වා වැඩි වෙනවා.”

popular news
-
Joseph de Silva Monday, 29 November 2021 07:38 AM
Since it is only a change in the shape of the roof it affects only the architectural and structural design. There it is only design fee as on construction has begun on the roof structure. Unless somebody stole big money it may be a maximum of couple of hundred thousand dollars for the change. We can't expect any other statement from these mass robbers who stole millions of dollars from highway projects.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

