ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදු පෙරමුණේ සංවිධායක සහ අපේක්ෂක සි.බි රත්නායක මහතාව එම පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (17) දින සිට පත් කර ඇත.
මහ මැතිවරණය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පොදු පෙරමුණේ නායකත්වය දැරු ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් මහලේකම් ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨයන් සමග අග්‍රාමාත්‍යවරයා මේ පිළිබදව සාකච්ඡාවක් පවත්වා ලංකා කම්කරු කොන්ග්‍රසයේ එකඟතාවය මත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්විම කර ඇත.