නුවරඑළියේ දෛනික ආසාදිතයින් ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දින සවස් වන විට අලුතින් ආසාදිතයන් 78 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 4166 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිළිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 11ක්, බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02ක්, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 08ක්, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, මතුරට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 06ක්, නව තිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 30ක්, නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, වලපනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 15ක්, වශයෙන් ආසාදිතයන් හමුව ඇති බවත්ය.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

