නුපුහුණු ගුරුවරු බඳවා ගැනීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්රයට විශාල හානියක් සිදුව ඇති බවත් වර්තමානය වන විට නුපුහුණු ගුරුවරුන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන පද්ධතියේ සිටින බවත් අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ගාල්ල, ගිංතොට සහිරා විද්‍යාලයේ ඊයේ (30) පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“යම් අයෙකු හමුදාවට බැදෙන විට පළමුවෙන්ම පුහුණුව ලබාදෙනවා. ඔවුන් බළඇණියට ඇතුළු කරන්නේ ඉන්පසුවයි. ගුරුවරුන් පුහුණු කිරීමටත්, බඳවා ගැනීමටත් අප ක්‍රමවේදයක් ඇති කර තිබුණා. නමුත් දේශපාලකයන් එම ක්‍රමවේදය අනුගමනය කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස නුපුහුණු ගුරුවරු ගණනාවක් අදටත් අපේ පාසල් පද්ධතිය තුළ සිටිනවා. ඒ සම්බන්ධයෙන් එම ගුරුවරුන්ට චෝදනා කළ නොහැකියි.
ගුරු පුහුණුව ලබාගැනීමට ඒ සියලු දෙනාම කැමැත්ත දැක්වුවත් ඒ කාලයේ අධ්‍යාපන අමාත්‍යංශ ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කළේ නැහැ. ඔවුන් සියලූ දේම දේශපාලනයට පාවාදුන්නා. අද අප අත්විදිමින් සිටින්නේ එහි විපාකයි. ඒ කාලයේ අප සමග සම තත්ත්වයේ සිටි මැලේසියාව හා තායිලන්තය අද අධ්‍යාපනයෙන් බොහෝ දියුණු වී තිබෙනවා. “
