ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටාන පොලිස් වසමේ අංක 210ඊ, කොන්ද ගම්මුල්ල, දෙමන් හංදිය ලිපිනයේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ක්රියාවන් රැසකට සහ කොල්ලකෑම් සහ මහජන බියවැද්දවීම සඳහා යොදාගත් නීති විරෝධී ගිනි අවි සහ මෙරට නිෂ්පාදිත නිර්මාණාත්මක ගිනි අවි සහ උන්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන කොන්ද ගම්මුල්ල, දෙමන් හන්දිය ප්රදේශයේ පදිංච් වයස අවුරුදු 51ක් වන පුද්ගලයකු සහ ගනේපොල, කොටුගොඩ ප්රදේශයේ පදිංච් වයස අවුරුදු 55ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටාන පොලිස් ස්ථානය වෙත වෙත භාර දී ඇත.
