නීති විභාග ප්රතිඵලවල ගැටලුවක්
2018 වසර නාවල විවෘත විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්රමිකතාවයන් සිදුවී ඇති බව ඒ ගැන දැනුවත් කිරීම සඳහා විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද (15දා) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සඳහන් කළේය.
2018-05-20 දින විභාගය පැවැත්වුවද, ප්‍රතිඵල නිකුත් කිරීමට විභාගය පවත්වා මාස 6කට වඩා වැඩි කාලයක් ගතවූ බවත් ප්‍රතිඵල සටහන නිකුත්වී සති 2ක් පමණ ගතවූ පසු නැවත ප්‍රතිඵල සටහනක් විවෘත විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
කෙසේ වෙතත් එම ප්‍රතිඵල සටහනේ මුල් ප්‍රතිඵල සටහනේ අසමත් සිසුන් කිහිප දෙනෙකු දෙවනුවට පළ කළ ලේඛනයේ ඉතා විශාල ලකුණු පරතරයකින් සමත්ව ඇති බවට සඳහන් වී ඇති බව ඔවුන් සඳහන් කළේය.
මේ කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

popular news
-
Koralage Friday, 15 March 2019 03:32 PM
කලකට පෙරදී ඔයවිභාගය ට පිළිතුරු ලිව්වලු කෙනෙක් සුඛෝපහොගී කාමරයකට වෙන්වෙලා. මේවා අදුනොත් කොහෙන් කෙළෙවර වේවිද?
Reply : 0 1
chathuri Friday, 15 March 2019 05:09 PM
අදිකරණයට. නොගිහින්. මහින්ද. හමුවී ප්රශ්නය. කිව්වේ නාමල්. බේබිගේ. පත්වීම. දුන්න. වගේ. , මේ කට්ටියත් ගොඩින් බේරා ගන්න. යන්න. ඇති , මහින්ද කොහොමද .කටක්. ඇරලා පාර්ලිමේන්තුවේ. මේ ගැන. කතා. කරන්නේ. . ලැජ්ජාවක් නැති. නිසානේ
Reply : 0 0
Don Friday, 15 March 2019 07:54 PM
නීති විභාග ගැන දැනගන්න නාමල් බෙබිගෙන්.
Reply : 0 4
Lion Saturday, 16 March 2019 12:40 PM
Hariyata vibahagayak pass vechcha ekek gen ova ahapalla
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

