නීතිවිරෝධීව මුහුදෙන් ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 5711 අත්අඩංගුවට
නාවික ඊයේ දින වයඹ නාවික විධානයේ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්රෑම් 5711කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ඉන්දීය ඩව් (Dhow) යාත්රාවක් මගින් නොවැම්බර් මස 06 වන දින කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස මෙරට ඩිංගි යාත්රාවක් වෙත පටවමින් තිබූ මාළු 78ක අසුරන ලද කිලෝග්රෑම් 3218කට අධික බරකින් යුත් වියලි කහ තොගයක් සමඟ එම යාත්රාවන්හි සිටි ශ්රී ලාංකිකයින් දෙදෙනෙකු හා ඉන්දියන් ජාතිකයින් සිවු දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
එමෙන්ම, නොවැම්බර් 06 වන දින කල්පිටිය, මොහොත්තුවරම් ප්රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් ජාවාරම් කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත් එම ප්රදේශයේ සඟවා තිබූ මාළු 45ක් තුල අසුරන ලද වියලි කහ කිලෝග්රෑම් 1256 ක තොගයක් සහ තුඩාව වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් වෙරළ තීරයේ සඟවා තිබූ මාළු 48ක් තුල අසුරන ලද වියලි කහ කිලෝග්රෑම් 1237ක නාවික හමුදා භාරයට ගැනීමට නාවික හමුදාව සමත් විය.
popular news
-
නිමල් Saturday, 07 November 2020 09:20 PM
අණ්ඩුව මැදිහත්වෙලා ගෙනාවා නම් ඉවරයි නේ, කහ කියන්නෙ විෂබීජ නාශකයක්, මෙ වෙලාවෙ හැටියට රටට ඕන දෙයක් නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

