නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීමේ මුලස්ථානය වැලිකඩ බන්ධනාගාරයයි
ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීමේ මුලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම් සිදුවන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළින් බවත් එය වෙනස් කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම තත්වය වෙනස්කිරීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සමගද සාකච්ඡා කර වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කරමින් පවතින බවද මරණ දඩුවම හිමිව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පැහැදිලි වාර්තා ජනාධිපති කාර්යාලයට ලැබුණේ පසුගිය ජනවාරි මාසයේදී බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ලබාදීම සම්බන්ධයෙන් මම ප්‍රකාශ කළා. මරණිය දණ්ඩනය බොහෝ රටවල ක්‍රියාත්මක වෙනවා.
මරණීය දණ්ඩනය නියමවුවන්ගේ ලේඛණ මාවෙත එවන්න කියා කිව්වත් ඒවා එවන එක ප්‍රමාද වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒතරම් ප්‍රබල වෙලා. ජනවාරි මාසේ තමයි හරි වාර්තාවක් ලැබුණේ.
මරණ දඩුවම නියම වුණ බොහො දෙනෙක් නැවත අභියාචනා කරලා. කිසිම ප්‍රශ්නයක් නොමැති පුද්ගලයින් අතර මුලින්ම සිටින්නේ පාකිස්ථාන ජාතිකයෙක්. ඒ පාකිස්ථාන ජාතිකයා ඒ රටට භාරගන්න කිව්වත් ඒ ඔහු ඒ රටට යන්න කැමති නැහැ. මොකද එහෙ නීති හොදින් ක්‍රියාත්මක වෙන නිසා. විදේශිකයෙකුට මරණිය දණ්ඩනය දීමට මගේ අදහසක් නැහැ. ඉදිරි මාස දෙක තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මම කටයුතු කරනවා. මොවුන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධානය කටයුතු කරනවා නම් ඒක වැරදියි.

popular news
-
Kapila Thursday, 07 February 2019 12:36 AM
චන්දෙ ළඟ නිසාද මේ කතාව කියන්නේ?. ඕක ඔබතුමා පත්උන ගමන්ම කරන්න තිබුනනේ.
Reply : 0 1
Champa Thursday, 07 February 2019 03:02 AM
ත්රස්තවාදීන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන කතා කරන එකත් වැරදියි.
Reply : 1 0
Nandana Thursday, 07 February 2019 04:39 PM
කියවන්නේ නැතිව ඕව නවත්වන්න, විසිල් එපා. බල්ටි දෙන්න
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
