නීතිවිරෝධි බීඩි කොළ කිලෝ 900 කට අධික තොගයක් අත්අඩංගුවට
නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්රෑම් 912 ග්රෑම් 460ක ප්රමාණයක් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු තලෙයිමන්නාරම් මුහුදේදී නාවික හමුදාව විසින් ඊයේ (20) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇත.
තලේයිමන්නාරම ප්රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05ක් පමණ දුරින් වූ මුහුදු ප්රදේශය ආශ්රිතව සිදු කළ සෝදිසි කිරීමකදී සැකකරුවන් ඩිංගි බෝට්ටුවක් යොදාගෙන අදාල බීඩි කොළ රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව අදාල ඩිංගි යාත්රාව පරික්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී බීඩි කොළ සහිත ගෝනි ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 32 සහ 38 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

