නීතිවිරෝධි ජෙලට්නයිට් කූරු 30ක් හා ඩෙටනේටර් තොගයක් අත්අඩංගුවට
මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී ජෙලට්නයිට්කූරු කිලෝ 3ක් හා ඩෙටනේටර් ඇතුළු උපකරණ තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු ඊයේ (10) සවස අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව කියා සිටියේය.
උතුරු මැද නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් හා මන්නාරම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී සවුත්බාර් ප්‍රදේශයේදී සැකකරුවෙකු යතුරුපැදියකින් අදාළ ජෙලට්නයිට්කූරු තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී කිලෝ 03ක් බරැති ජෙලට්නයිට් කූරු 30ක් අඟල් 03ක් දිගැති ආරක්ෂිත වෙඩි නුල් 19 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 19ක් හමු වී ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 36ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු, යතුරුපැදිය සහ ජෙලට්නයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට නාවික හමුදා නිලධාරීන් පියවර ගෙන ඇත.
අදාළ පුපුරණද්‍රව්‍ය තොගය මගින් නීතිවිරෝධීව මුහුදේ මසුන් මැරීමට ධීවරයින් භාවිතා කරන බවට නාවික හමුදාව වෙතට තොරතුරු ලැබී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
