නීත්‍යානුකූලව මුදල් එවන විදේශ ශ්‍රමිකයන්ට වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක්
විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසුවේය. තීරු බදු සහනයක් නොවන, වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
මේ වන විට වාහන ආනයනය තහනම් කර ඇති බැවින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සේවය ශ්‍රමිකයන්ට පමණක් මෙම වාහන ආනයනය කිරීමේ බලපත්‍රය ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙසේ ආනයනය කරනු ලබන වාහන, ප්‍රධාන විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකිවන ක්‍රමයක් නිර්මාණය කරන බවද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා කීය.
ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන යටතේ ජපානය බලා පිටත්වන ශ්‍රමිකයන් 12 දෙනෙකුගෙන් යුත් පිරිසකට හා ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන 4 දෙනෙකුගෙන් සමන්විත පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට අද (22) එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
විදේශගත ශ්‍රමිකයින්ගේ සිහිනයක් බවට පත්ව තිබෙන නිවාස සිහිනය සැබෑ කරගැනීමට ඉතා අඩු පොලීයට නිවාස ණය ලබාදීමේ ක්‍රමවේදයක් හදුන්වාදීමට රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකු සමග සාකච්ඡා කර ඇති බවද ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
popular news
-
Deepal Nirosh Wednesday, 22 June 2022 04:32 PM
රටට විදේශ විනිමය උපදවන විදෙස්ගත අප ශ්‍රමිකයන්ට වරප්‍රසාදයක් පිදුම් කිරීම වැරදි නැහැ. එහෙත් ඔවුනොවුන් එවන විදේශ විනිමය නැවත විදෙස් ගතවන පරිදි මෙවැනි යෝජනා ඉදිරිප්ත කිරීම මේ අවස්ථාවේ ප්‍රායෝගික නැහැ. ඒ වෙනුවට ඔවුනට ඉතා අඩු පොළියට ඉඩම්/නිවාස/ව්‍යාපාරික ණයක් ලබාදීම නොමිලේ හෝ සුළු වාරික ක්‍රමයට හෝ රක්ෂණාවරණයක් ලබාදීම වැනි යෝජනා වඩාත් සුදුසුයි.
Reply : 0 0
K. Ranaweera Thursday, 23 June 2022 03:31 AM
Do not say diabolic lies. I have experienced this while I was working in Oman for 9 years. At that time we were asked to produce details of our remittances to Sri Lanka. I properly did it but did not work out. How can we trust these futile remarks?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

