ඔබ වෙනුවෙන් තීරණ ගන්නට, රටේ නීතිය හදන්න, විදේශ සම්බන්ධතා පවත්වන ආකාරය ගැන තීන්දු කරන්න ගම්පහ දිස්ත්රිකයෙනුත් 18 දෙනෙක් ඔබ පාර්ලිමේන්තුවට තොරලා යවන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන පවසයි.
ඔබ කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් ඒකේ ඉන්න පස් ජාවාරම් කාරයන්ට, කප්පං කාරයන්ට, දුෂිතයන්ට, හොරුන්ට ඡන්දය ලබාදී පාර්ලිමේන්තුවට යවනවා කියන්නේ ඔබේ දූ දරුවන්ගේ අනාගතය විනාශ කරනවා කියන එක බව ඔහු සඳහන් කරයි.
මේ අදහස් ප්රකාශ කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සමගි ජන බලවේගයේ අපේක්ෂක කාවින්ද ජයවර්ධන මහතා කතා කළේ කදාණ ප්රදේශයේ ජන හමුවකට සහභාගී වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන මහතා,
අද සමාජය තුළ අදහසක් තියෙනවා දේශපාලකයන් තඩි දුෂිතයින් පිරිසක් කියලා. ඒක නිසා පාර්ලිමේන්තුවේ 225 ම ඉද්දි ඒක පුපුරන්න ඕනේ කියනවා. මුං ඔක්කෝටම කොරෝනා හැදෙන්න ඕන කියනවා. කොටින්ම කියනවනම් හෙන ඉල්ලනවා. ඔබ එහෙම ප්රාර්ථනා කරන්නේ ඔබම නොගැළපෙන මිනිසුන්ව පාර්ලිමේන්තුව ට යවන නිසයි. පස් කපන එකාව ඔබ පාර්ලිමේන්තුවට යැව්වොත් ඔබ මේ මුතුරාජවෙල අනාගතයේ සුරැකෙයි කියලා හිතන්න එපා.
ඒ අය පාර්ලිමේන්තුවේ නීති හදන්න උත්සාහ ගන්නේ පරිසරය විනාශ කළ හැකි ලෙසයි. රත්තරං හොරකම් කරපු එකා හොරකම් කරන්න පුළුවන් ලෙස නීති හදන්න උත්සාහ කරනවා. කප්පම් කාරයෝ, කොමිස් කාරයෝ ඔබ පාර්ලිමේන්තුව ට යැව්වොත් ඒ අය නීති හදන්න උත්සාහ කරන්නේ. ඒ හොරකම්, කප්පං, කොමිස් අරගෙන නීතියෙන් බේරිලා ඉන්න විදිහට.
ඔබ ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් පාර්ලිමේන්තුට යැවිය යුත්තේ කව්ද කියලා දන්නවා. ඒ වෙනුවෙන් සුදුසුකම් තියන උගත් බුද්ධිමත් අයත් පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස ඉන්නවා. කරුණාකර නිවැරදි මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න. එසේ නොකර වැරදි මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා පස්සේ ශාප කරන්න එපා. ඔබේ දරුවාගේ අනාගතය අදුරු වන ආකාරයට තීන්දු තිරණ ගන්න එපා.
ජා-ඇල ප්රසංග පෙරේරා
