නිල් ආර්ථිකයේ සමුද්‍රීය සංවර්ධන වැඩපිළිවෙලක්
දේශීය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම පිණිස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ “ නිල් ආර්ථිකයේ ” සමුද්‍රීය සංචාරක වැඩපිළිවෙල යටතේ ගාල්ල වැලිගම සමුද්‍රීය සංචාරක සැලැස්ම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් සංචාරක , වනජීවි සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත ඉදිරිපත් කරන ලදී
මෙම සංචාරක සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කළේ මිරිස්ස ධිවර වරායෙන් ක්‍රියාත්මක නිල් තල් මසුන් නැරඔිමේ සංචාරක ව්‍යාපාරය විධිමත් ලෙස ආරම්භ කිරීමේ අවස්ථාවෙන් අනතුරුව ඊයේ පැවති සාකච්ජාවකදිය.
ධිවර හ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ආරම්භ කල ධිවර ක්ෂේත්රය හා බැදුණු සමුද්‍රීය සංචාරක වැඩපිළිවෙල යටතේ මෙම නව සංචාරක සංවර්ධන සැලසුම සකස් කර තිබේ .
ලංකාවේ වෙරළ තිරයේ සුන්දරම ස්ථාන ආශ්‍රිතව ධිවර වරායන් ස්ථාපිත කර ඇති බැවින් සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය කෙරෙහි විදේශ සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් හිමි වී ඇති බැවින් මෙම සංචාරක සැලැස්ම සකස් කල බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී සදහන් කළේය .
එහිදී රාජ්‍ය අමාත්‍යතුමා පැවසුවේ ධිවර ක්ෂේත්රයට හදුන්වා දුන් “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල යටතේ සංචාරක ව්‍යාපාරය තවත් පුළුල් කර රටට වැඩි විදේශ විනිමයක් ලබාදීමට ධිවර කර්මාන්තය හා බැදුණු සංචාරක ව්‍යාපාරය සැලසුම් කල බවත් . ඒ යටතේ සමුද්‍රීය ජල ක්‍රීඩා , විනෝද සවාරි මෙන්ම ලෝකයේ වැඩිම ධනවතුන් පැමිණෙන යොට් වැනි යාත්‍රා සදහා පහසුකම් සැලසීමේ හැකියාවද මෙම සමුද්‍රීය සංචාරක සැලැස්ම යටතේ හැකියාව ලැබෙන බවය .
මෙහිදී සංචාරක , වන ජීවි සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා පැවසුවේ මෙවැනි සංචාරක සැලසුම් රටට ඉතාම අවශ්‍ය බවය .
එබැවින් මෙම සංචාරක සැලැස්ම ක්‍රියාත්මක කර රටට ප්රතිලාභ හිමිකර දීම වෙනුවෙන් සියළු කටයුතු කිරීමට සුදානම් බවද පැවසිය .

popular news
-
Champa Friday, 01 February 2019 08:47 PM
දිලිප් වෙදආරච්චිගේ වැඩ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. මෙයා කිව්වා මුහුදේ මසුන් අයිතිය ඒ ඒ පළාත් වලට වෙන් කරලා දෙන්න ඕනේ කියලා. එහෙම කරන්න බැහැ රටේ නීතිය අනුව. මෙයා කවුද මුහුද බෙදන්න?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

