නිල්වලා ගං ඉවුර සංරක්ෂණයට මිලියන 62ක්
මාතර දිස්ත්‍රික්කයේ වර්ෂා සමයේදී ගංවතුර ආපදා තත්ත්වයන්හිදී ඇතිවන බලපෑම් අවම කර ගැනීම සඳහා නිල්වලා ගං ඉවුර පිළිසකර කිරීම සහ ගං ඉවුර සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 62ක ආයෝජනයක් සඳහා වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව පිටබැද්දර සිට කොටපොළ දක්වා නිල්වලා ගඟේ ඉවුරුවලට, ගඟ හරහා ඉදිකර ඇති පාලම්වලට සහ ගඟට සමාන්තරව දිවෙන මාර්ගවලට වන හානි අවම කරගැනීම සඳහා නිල්වලා ගං ඉවුර පිළිසකර කිරීම සහ ඉවුරුවල මී, කුඹුක් වැනි රුක් රෝපණය කිරීම මගින් සංවර්ධනය කර සංරක්ෂණය කිරීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා රුපියල් මිලියන 62ක ආයෝජනයක් සහිතව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේද සහාය ඇතිව සිදු කිරීම සඳහා තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
