නිලංග දෑල බණ්ඩාරට එරෙහිව පැමිණිල්ලක්
මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයාට එරෙහිව චෝදනා 43 කින් යුතු ලිඛිත පැමිණිල්ලක් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී . කේ . රත්නායක මහතාට භාර දී තිබේ .
රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිශ්ශංක මායාදුන්න නමැති අයෙකු මහනුවරට පැමිණ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එම ලිඛිත පැමිණිල්ල භාර දී ඇති අතර එම ලිඛිත පැමිණිල්ල මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයට ද ජනාධිපතිවරයාට, කතානායක වරයාට, විපක්ෂ නායක වරයා ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු වගකිවයුත්තන්ට ද යොමුකොට තිබේ .
රාවණා ලංකා ජාතික සංවිධානය සභාපති සහ ජාතික සංවිධායකවරයා වශයෙන් හඳුන්වා ගන්නා එම පුද්ගලයා විසින් ගොනු කොට ඇති චෝදනා 43 කින් යුතු පැමිණිල්ලේ ප්‍රධාන චෝදනා වන්නේ ඉකුත් දා අවසන් වූ දළදා පෙරහරේ අවසන් රන්දෝළි මහා පෙරහැර අතරමග අලියෙකු කුලප්පු වූ අවස්ථාවේදී ඒ වනවිටත් සජීවීව විකාශනය කරමින් තිබූ පෙරහැරේ සජීවි දර්ශන ලෙස පැරණි පෙරහැරක් ප්‍රදර්ශනය කිරීම දළදා මාලිගාවේ ඉඩම් වංචා කිරීම මූල්‍ය වංචා කිරීම ඇතුළු චෝදනා රැසක් සඳහන්ය .
එම ලිඛිත පැමිණිල්ලෙන් ඔහු දක්වා ඇත්තේ එම චෝදනා පිළිබඳව විමර්ශනය කොට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය, විහාර දේවාලගම් පනත සහ පුරාවිද්‍යා ආඥා පනත යටතේ වැරදි කරුවන්ට දඬුවම් කරන ලෙසයි .
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Rocky Sunday, 10 October 2021 12:53 PM
Raavanaa Lankaa Sanwidhaanaya? Namenma enenawa Sanwidhane tharama? Kohe hitau Raavanekda? Kawadaa hitau Raavanekda? Olmaada kaarayo!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
