නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී හොරෙන් ගොස් ඡන්දය දැමු ලංකාපුර ප්‍රදේශිය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු නිරෝධායනය කිරිම සදහා පුණානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
අද පස්වරුවේ මෙම අය ඡන්දය දමා පැමිණ නිවසට වි සිටියදි පොලිසියට ලැබුණ තොරතුරක් මත පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමග සභාපතිවරයාගේන් විමසා සිටියදි ඡන්දය දැමිමට තමන් සහ තම බිරිද ගිය බව පිළිගෙන තිබේ. ඒ අනුව සභාපතිවරයා සහ දරුවන් දෙදෙනා නිරෝධායනය කිරිම සදහා පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් ලංකාපුර ප්‍රදේශිය සභාවේ සභාපති සුසන්තප්‍රිය බංඩාර විජේකොන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ , “කොරෝනා රෝගීන් හමු වුණේ ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන්. නමුත් අපේ සභාවටයි ලේකම් කාර්යාලයේ සියලු දෙනාටමයි නිවාසවල නිරෝධායනය වෙන්න කියලා සෞඛ්‍ය අංශ අපව දැනුවත් කළා. නමුත් අවසානයේ අද අපේ සභාවේ මන්ත්‍රීවරු සහ කාර්යාලයේ අයයි ඡන්දය දාලා. පස්සේ මමයි නෝනයි දෙනත් ගිහින් ඡන්දේ දාලා ආවා. රටේ නීතිය හැමෝටම එකයි නම් මේ කාර්යාල දෙකේ මන්ත්‍රීවරු සහ නිලධාරීනුත් නිරෝධායනය කරන්න.”