නැව් අනතුරින් පිඩාවට පත් ධිවරයින්ට 5000 දිමනාව
- 12 06 2021
- 20:04
- {{hitsCtrl.values.hits}} views
- ..
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් බලපෑමට ලක්වූ පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් ධීවර කටයුතු සඳහා විවෘත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අරලියගහ මන්දිරයේ ඊයේ (11) පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි.
මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව නැව් අනතුර හේතුවෙන් අගතියටපත් ධීවර ප්‍රජාව සඳහා ද ලබන සඳුදා සිට ලබා දෙන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
පරිසර, ධීවර, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කරන ලෙස ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී තිබේ.
තව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීම කඩිනම් කරන ලෙසයි.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, නෞකාව එම ස්ථානයෙන් ඉවත්කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන් බවයි.
ඉහත කාරණාවලට අදාළ නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.
මැති ඇමතිවරුන්, ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් ඇතළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

