මාර්ග අනතුරු වළක්වා ගැනීමට පදිකයින් මෙන්ම වාහනවල ගමන් කරන අය සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු පැවැසුවේ නැවතත් මාරක රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලබෙන බවයි.
ඊයේ දිනයේදී රිය අනතුරු නිසා සිදුවූ මරණ 9ක් වාර්තා වූ බවද ඔහු පැවැසීය. මින් මරණ තුනක් ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරුවලින්ද, මරණ 5ක් පෙරේදා දිනයේ සිදුවූ රිය අනතුරුවලින්ද තවත් මරණයක් ඊට පෙර සිදුවූ රිය අනතුරුවලින්ද වාර්තා වී තිබේ.
රිය අනතුරු බෙහෝමයක් යතුරු පැදි හා ත්‍රිරෝද රථ ගැටීම් වලින් සිදුව ඇති බව දක්නට ලැබෙන බවත් යතුරු පැදිකරුවන්, පසු පැදිකරුවන් හා පදිකයින් මිය යෑමක් දක්නට ලැබෙන බවත් ඔහු පැවැසීය.
මාස දෙකක් තුළ මාර්ග බාධකවල සිටි උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්ද මාර්ග අනතුරුවල ලක්ව මිය ගොස් ඇති බව ඔහු පැවැසීය.