නායයෑම් අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති ප්රදේශ
- 5 06 2021
- 21:20
- {{hitsCtrl.values.hits}} views
- ..
අධික වර්ෂාව හමුවේ දිස්ත්රික්ක 09 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අවදානම් ප්රදේශවලින් ඉවත්වන ලෙස දන්වන රතු නිවේදන නිකුත් කර ඇත්තේ,
කළුතර දිස්ත්රික්කය-ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්රාදේශිය ලේකම් කොට්ඨාස
රත්නපුර දිස්ත්රික්කය -කලවාන, ඇහැළියගොඩ
වර්ෂාව පවතින්නේ නම් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වන දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ,
කොළඹ දිස්ත්රික්කය - සීතාවක ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
ගාල්ල දිස්ත්රික්කය - නෙළුව ප්රාදේශීය ලේකම් කොට්ඨාස
කළුතර දිස්ත්රික්කය- වලල්ලාවිට හා හොරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
කෑගල්ල දිස්ත්රික්කය- ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරණායක හා වරකාපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාස
නුවරඑළිය දිස්ත්රික්කය-අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්රික්කය-අයගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
මීට අමතරව කඳුකර ප්රදේශ ආශ්රිතව වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

