නායයාම් අවදානම් නිවේදන තවදුරටත් බලාත්මකයි
බෙංගාල බොක්කේ අවපීඩන තත්ත්වය යළි වර්ධනයවීමත් සමඟ පළාත් කීපයකට ඉදිරි දින කීපයේ දී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට දිනය වනවිට දැනට තිබෙන අවපීඩන තත්ත්වය පීඩන කලාපයක් ලෙස වර්ධනය වී උතුරු අන්දමන් දූපත දෙසට ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
අවපීඩන තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බැවින් වැසි තත්ත්වයේ ඉහළයාමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර නායයාම් අවදානම් නිකුත්කර ඇති දිස්ත්‍රික්ක 7 කට එම නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
නාය යාමේ අවදානමක් පෙන්නුම් කළ කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය ගමනාගමනයට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගැනීමට නියමිතයි.
පසුගිය 12 වනදා කන්දකුලිය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
බත්තලන්ගුන්ඩුව දූපතට කිසිවෙකු නොමැති ධීවර බෝට්ටුවක් ගොඩගසා ඇති අතර එය මෙම ධීවරයින් මුහුදු ගිය බෝට්ටුව දැයි තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

