නාම පුවරුවේ දෙමළ නැතිවීම ගැන නිවේදනයක්
ශ්‍රී ලංකාවේ භාවිත කරන ප්‍රධාන භාෂා තුන වන සිංහල, දමිල හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකාවේ පවතින චීන සමාගම්වලට දැනුම් දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
කොළඹ වරාය නගරයේ නාම පුවරුවක් සිංහල, චීන හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබීමත් එය දෙමළ භාෂාවෙන් සටහන් නොකිරීමත් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ඇතිවූ සංවාදය පිළිබඳව අදහස් දක්වමින් චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කරයි.
චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙ ලැබුණ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා නාම පුවරුව මෙන්ම කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති වසර 600ක් පැරණි ශෙංග් හේ ගල් පුවරුව නම් කිරීමේදී පවා දමිළ භාෂාව යොදා ගැනීමට කටයුතු කළ බව තානාපති කාර්යාලය පවසයි.
කොළඹ වරාය නගරයේ ‘මැද උයන’ හැඳින්වීම වෙනුවෙන් යොදාගත් පුවරුවේ මෙසේ දමිල භාෂාව සටහන් නොවීය.
ඒ පිළිබඳව අවධානය යොමුකළ බවත් ගැටලුව පිළිබඳව කටයුතු කරන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

popular news
-
rocky Monday, 17 May 2021 05:57 PM
Idiriyedi Sinhalayaage mawu bhaashaawath cheena wenna puluwani!!i
Reply : 0 2
Dayan Monday, 17 May 2021 06:26 PM
No need to explain. You can use only Chinese language. Beggars have no choice.
Reply : 0 2
Kumar Tuesday, 18 May 2021 07:02 AM
Very soon it will be in four languages.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

