එයාර් බස් අල්ලස් සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව නොවැම්බර් මස 19 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද (28) නියම කළේය.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, ශමින්ද්ර රාජපක්ෂ, බිස් සොලියුෂන් සමාගම සහ ප්රියංකා නියෝමාලි විජේනායක යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.