මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණය කර තිබේ.
පොලීසිය පැවසුවේ, අදාළ නිලධාරීන් අයථා ලෙස උපයා ගත් මුදලින් රැස්කර ගත් දේපොළ එලෙස රාජසන්තක කිරීමට පියවර ගන්නා බවයි.
ඒ, මුදල් විශුද්ධිකරණ පනත යටතේය.
ඊට අදාළ තොරතුරු මේ වනවිට රැස්කරමින් සිටින බව පොලීසිය සඳහන් කර සිටියේය.
