නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසයි
ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා පවසයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් යම් පුරවැසියෙකු යෝජනා, මත හෝ අදහස් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එම යෝජනා, මත හෝ අදහස් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන කවර හෝ භාෂා මාධ්‍යකින් 2020 නොවැම්බර් 30 වන දිනට හෝ එදින පෙර ලේකම්, විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක 02, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ www.moj.gov.lk නිල වෙබ් අඩවියෙන් හෝ 2020.10.20 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ලබාගත හැකි බව අධිකරණ අමාත්‍යාංශය ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

popular news
-
Lelwala Thursday, 22 October 2020 07:01 AM
1978 constitution is the best for our country. Go head.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

