ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
ජපානය, තායිලන්තය සඳහා නව තානාපතිවරු ද දකුණු අප්‍රිකාව සඳහා මහ කොමසාරිස්වරයෙක් ද පත්ව සිටිති. ඒ අනුව,
01. තායිලන්තයේ තානාපතිවරයා ලෙස පොඡ් හාන්පොල් (Poj Harnpol)
02. දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස්වරයා ලෙස සන්ඩීලේ එඩ්වින් ශල්ක් (Sandile Edwin Schalk)
03. ජපානයේ තානාපතිවරයා ලෙස හිඩෙකි මිෂුකොෂි (Hideaki Mizukoshi)
අක්තපත්‍ර භාර දුන්හ.
ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කරගැනීමට කැපවන බව නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනාධිපති සමග පැවසූහ.
කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග, එන්නත්කරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සහ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ආර්ථික කළමනාකරණයේ දී මුහුණ දීමට ඇති අභියෝග පිළිබඳ ජනාධිපති නව තානාපතිවරු දැනුවත් කළේය. එහිදී සියලු රාජ්‍යයන් එක්ව වැඩ කිරීමේ සහ එකිනෙකාට සහාය වීමේ අවශ්‍යතාව ජනාධිපති පෙන්වා දෙනු ලැබිණ. කොවිඩ් වසංගතය පාලනයට සහ එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව තානාපතිවරු ජනාධිපති වෙත සිය ප්‍රසාදය පළ කළහ.
