නව තේරීම් කමිටු සභාපති වර්ණපුරද? මහානාමද?
මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍ය‘යේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දැඩි පසුබෑම පිළිබඳව වගකීමක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවටද පැවැරෙන බැවින් එම කමිටුවද ඉවත් කර නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරි දින කිහිපය තුළදී කටයුතු කරනු ඇති බව 'අද'ට වාර්තා වේ.
මෙහිදී අදාළ නව ජාතික තේරීම් කමිටුවේ සභාපති තනතුර සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් වන බන්දුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වී ඇති බවත් හෙළි වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී ලද දරුණු පසුබෑම හේතුවෙන් චෝදනා ලැබූ ඇන්ජිලෝ මැතිව්ස්ට නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කරන්නට ග්රැහැම් ලැබ්රෝයි ප්රමුඛ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කටයුතු කළද මෙසේ ලද පරාජයන්ගේ වගකීමෙන් මිදීමට ජාතික තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහටද නොහැකි බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මතය වී තිබේ.
තම ඉල්ලා අස්වීම සම්බන්ධව හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා වෙත යවන ලද ලිපියේද වගකීම පිළිබඳව එවන් මතයක් පළ කර ඇත.
කෙසේ වෙතත් නව තේරීම් කමිටුව පත්කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා අයි.සී.සී යට පොරොන්දුවූ පරිදි මෙරට ක්‍රිකට් පරිපාලනය සඳහා පස් දෙනෙකුගෙන් යුත් කළමනාකරණ කමිටුව ඉදිරි සතිය තුළදී පත්කිරීමටද නියමිත බව අනාවරණය වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් පරිපාලන කටයුතු වෙනුවෙන් පත්කරන කළමනාකරණ කමිටුවේ එක් සාමාජිකයකු ලෙස ක්‍රිකට් ආයතන නිසි බලධාරී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා කටයුතු කරන අතර, ඉතිරි සාමාජිකයන් සිවුදෙනා සඳහා හිටපු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් නොව ක්‍රිකට් පිළිබඳවද දැනුමක් ඇති පරිපාලනයේ ප්‍රවීණයන් පත්කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් විවිධ පිරිස් ක්‍රීඩා අමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ මෙම කමිටුව සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් පත්කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් අප ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරුණු විමසූ අතර ඔහු පවසා සිටියේ, මෙම සතිය තුළ ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගන්නා බවයි.

popular news
-
Champa Tuesday, 25 September 2018 05:16 PM
තේරීම් කමිටු සභාපති තනතුර ලංකාවේ පලවෙනි ටෙස්ට් ක්‍රිකට් නායකයා බන්දුල වර්ණපුරට දෙන්න ඕනේ. ඒ කමිටුවට එක්කෝ මහනාමවත් දාන්න ඕනේ එහෙම නැත්නම් ලංකාවෙන් බිහිවුණු අති දක්ෂම පන්දු රකින්නා වෙච්ච, ඒක තවමත් කඩපු නැති වාර්තාවක්, හරිම ලස්සනයි බලා ඉන්න, සමහර වෙලාවට හුඟක් දුර දුවලත් ගිහින් උඩ පන්දුව අල්ලනවා, සුද්දොත් අත්පුඩි ගහනව, මහානාමට Coach (Fielding)කියල තනතුරක් හදල ඒක දෙන්න ඕනේ. හතුරුසිංහගේ වැරැද්දක් නැහැ. හතුරුසිංහ හුඟක් මහන්සි වුනා. වැරැද්ද තියෙන්නේ ක්‍රීඩකයෝ අතේ. තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ. හතුරුසින්හට මෙච්චර කල් ඒක තේරුනේ නැත්නම් මේ පාර තේරෙන්න ඇතී. මැතිව්ස් ගේ කිසිම නායකත්ව ලක්ෂණයක් නැහැ. ඒ බව අර ලියල තියෙන ලිපියෙන්ම පේනවා. අයින් කරපු/වුනු එක හොඳයි. හැබැයි කණ්ඩායමේ නායකත්වය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට දෙන්න ඕනේ. ඩිල්ෂාන් තමයි හොඳ. ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආසාවෙන් බලා ඉන්නවා ඩිල්ශාන් ආපහු සෙල්ලම් කරනවා බලන්න. දයාසිරියි තිලංගයි තමයි දක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ක්‍රිකට් එපා කරවලා යන තැනට වැඩ සැලැස්සුවේ. එහින්ද ඒ වැරැද්ද හරි ගස්සන්න ඕනේ.
Reply : 2 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

