නව කියුබානු තානාපති සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්ද්‍රේස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජාවක් පසුගියදා කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ප්‍රථමයෙන් නව කියුබානු තානාපතිවරයාට අමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් කළේය. ජාතික නිදහස් පෙරමුණ ලෙස තානාපතිවරයාට ඉදිරියේදී අවශ්‍ය සහයෝගය ලබාදීමට තමන් සුදානම් බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති දීර්ඝකාලීන මිත්‍රත්වය ඉදිරියටත් පවත්වා ගැනීම සිය අරමුණ බවත් ජාතික නිදහස් පෙරමුණ සහ කියුබාව අතර තවදුරටත් බැදීම් තරකර ගැනීමට තමන් සුදානම් බවත් නව තානාපතිවරයා ප්‍රකාශ කරන ලදී. කියුබාවේ පොල් වගාව ආශ්රිත කර්මාන්තය දියුණු කර ගැනීම වෙනුවෙන් තානාපතිවරයා කර්මාන්ත අමාත්‍යවරයාගේ සහාය ඉල්ලා සිටි අතර ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබාදීමට තමන් සුදානම් බව අමාත්‍යවරයා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

