නව කථානායක වාසු
පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් වාසුදේව නානායක්කාර මහතා කථානායක ධුරයට පත් කිරීමට සුදුසු යැයි යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාවද නියෝජනය කරයි.

popular news
-
Champ Friday, 22 November 2019 08:07 AM
මේක හරිද මන්ද. මේක හරියට බෙදාගෙන කන්න දුන්නම බදා ගෙන කන්න හදනවා වගේ වැඩක්. හැන්දක් අරන් එන්න ඕනේ තැනට සවලක් අරන් එනව වගේ. කතාව මුල ඉඳන් පටන් ගත්තොත්, මට නම් මහින්ද අගමැති වෙන්න ඕනේ වුනේ කාරනා දෙකකට. 1. හදිසියේවත් ගෝඨාභය නුසුදුසු වුනොත්, මම තාමත් කියනව ගෝඨාභය චන්දෙ දවස වෙනකොටත් ඇමරිකන් පුරවැසියෙක් කියන එක, ඉතින් ගෝඨාභය disqualify වුනොත් 19 අනුව වැඩ බලන ජනාධිපති වෙන්නේ අගමැති. දැන් රනිල් නැති හින්ද එහෙම ප්‍රශ්නයක් ආවට මට බයක් නැහැ. 2. මෛත්‍රී ලැයිස්තුවෙන් ඇවිල්ල පාර්ලිමේන්තුවේ කණ්ඩායමේ බලය තමන්ට කියල කිව්වොත් කියල. මහින්ද දැන් අගමැති විදිහට දිවුරුම් දීල හින්ද ඒ ප්‍රශ්නෙත් නැහැ. දැන් මේ කතානායක ගැන කියන්න අවොත්. ඒකාබද්ධ විපක්ෂේ මතක තියා ගන්න ඕනේ මේ හදන්නේ අන්තර් ආණ්ඩුවක් කියන එක සහ ඒක හැදෙන්නේ රනිල් අයින් වුනු නිසා මිසක් චන්දෙන් පත් වීමක් නිසා නෙමෙයි කියන එක. ඒ හින්ද සහ ගෝඨාභයට මිලියන් 7ක් චන්දෙ දීල තියෙන කොට, පාර්ලිමේන්තුවේ පක්ෂ දෙකකට, UNP සහ JVP දෙකට මිලියන් 6ක් චන්ද ලැබිල තියෙනව. ඒ හින්ද ටාම තියෙන්නේ 2015 පාර්ලිමේන්තුව නිසා දැන් ඉන්න කථානායක වෙනස් කරන එක හරියි කියල මම හිතන්නේ නැහැ
Reply : 0 1
Champa Friday, 22 November 2019 08:44 AM
දැන් අවුරුදු 5ක් තිස්සේ පාර්ලිමේන්තු නාඩගම් බලල මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නේ. දඟ වැඩ නවත්තල ඕගොල්ල දැන් ටිකක් තැම්පත් වෙන්න බලන්න. ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකක්ද හිතන්න. මහ චන්දෙ එනකම් අවුරුද්දටම අයවැයක් හදන්න බැහැ. ඒ හින්ද දැන් තියෙන ප්‍රධානම කාරණේ මුල් කාර්තුව සඳහා අයවැයක් හැදීම. මතක තියා ගන්න ඕනේ මේ එන්නේ උත්සව කාලේ සහ අලුත් අවුරුද්ද. මේ ලබන අලුත් අවුරුද්දවත් කන්දොස්කිරියාවක් නැතුව මිනිස්සුන්ට ඉන්න දෙන්න. ඊළඟ අවුරුද්දට රජයේ සේවක පඩි දෙන්න තියෙනව. සමෘද්ධි ගන්න අහිසක මිනිස්සු ඉන්නවා. පෙන්ෂන් ගන්න මිනිස්සු ඉන්නවා. ඒ හින්ද preliminary budget එකක් ඊළඟ චන්දෙ එනතුරු වෙන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක නේද ප්‍රධාන වැඩේ? රනිල් ආණ්ඩුව කැමැත්තෙන් දීල ඉවර වෙලා අයවැයේදී පරද්දන්න හිතනවා වගේ බාල වැඩ කරයි කියල මම හිතන්නේ නැහැ. ඒ හින්ද දැන් කථානායක ධූරයට රණ්ඩුවක් පටන් අරන් මාස ගානක් ඇදන් යන්නේ නැතුව තමන්ගේ agenda නෙමෙයි ජනතාව දිහා බලල ඉතුරු මාස 4 වැඩ කරන්න. චන්දෙ එනකම් අලුත් ව්‍යපෘති පටන්ගන්නත් බැහැ. ඒ මොකොද කිව්වා නම් ඒවාට යන මුදල estimate කරන්න ඕනේ නිසා. මම හිතන්නේ පාර්ලිමේන්තුව දැන් grow up වෙන්න.
Reply : 0 1
Don Friday, 22 November 2019 08:50 AM
පාර්ලිමේන්තුවේ කුණුහරුපවලින් අඩුවක් නැතිවේවි. වියත්මග හොඳම මගවෙන්නේ නාකිවාසුට (කුනුහරුපවාසුට) කතානායක තනතුර දුන්නම.
Reply : 0 16
Nandana Saturday, 23 November 2019 09:53 PM
මොහුගේ වයස බලා තනතුරක් දෙන්නේනම් හොද නේද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

