නවීන තාක්ෂණය අනුව තැපැල් සේවාව සංවර්ධනය කිරීම යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ලෝක තැපැල් දිනය නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයේදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී මෙය පැවැත්වුණි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් සහායක නිලධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රදානයක් ද මෙහිදී සිදුවුණා.
දෙපාර්තමේන්තුවේ ආදායම් ප්‍රවර්ධනය වෙනුවෙන් දායක වූ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඇගයීම් ත්‍යාග ප්රදානය කිරීමක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
පණිවුඩකරුවාගේ භූමිකාව තුළ සමාජයට විශිෂ්ට සේවාවක් ඉටු කිරීමට තැපැල් සේවයට හැකි බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කර සිටියේ.